Success Stories
Success is a journey, not a destination
Some of the great stories

Dilon Perera
As I follow a passion and a love for Manga and animation I pursued my higher education at AMDT Institute by successfully completing my Diploma in Visual Communication. My dream had always been to study in Japan and Kayo School of Japanese made it possible.

Studying at Kayo helped me gain the basic knowledge of the language and also assisted me in transferring to a language school in Japan to further polish my language skills. Kayo School of Japanese helped me gain my Visa to Japan where I will be transferring to this year. I am very grateful and thankful to the team behind Kayo for all their support from the beginning of my process


Sasiru
මා වසර පහක කාලයක්‌ බැංකු හා මූල්‍ය ක්ෂේත්‍රයේ යෙදී සිටී අනතුරුව “කායෝ ජපන්‌ භාෂා පාසල” හරහා ජපන්‌ අධ්‍යාපනයට යොමු වූ අතර එහිදී ජපන්‌ භාෂාව පිළිබඳව මනා අවබෝධයක්‌ කෙටි කලකින්‌ සාර්ථකව ලබාදීම හේතුකොටගෙන ශ්‍රී ලංකාව තුළදීම “NAT” හා “TOP J” යන විභාහගයන්‌ ගේ මූලික අදියරයන්ට සාර්ථකව මුහුණ දීමට මට හැකි වූ අතර, එහිදී මම එම අදියරයන්‌ ගේ විශිෂ්ට ප්‍රතිඵල ලබාගැනීමට සමත්‌ විය. අනතුරුව මා කායෝ ජපන්‌ භාෂා පාසල හරහා ජපන්‌ අධ්‍යාපන වීසා අයදුම්‌ කළ අතර ඒහිදී ආයතනයෙන්‌ ලැබුණු මනා කාර්යක්ෂම හා නිවැරදි මග පෙන්වීම යටතේ මට සාර්ථකව ජපානයේ ඕසකා නගරය යාබද “යමතෝ ජාත්‍යන්තර පාසලට” අධ්‍යාපන වරම්‌ ලබා ගැනීමට හැකිවීම මම මෙහිදී ඉතා සතුටින්‌ මතක්‌ කරමි

ආයතනය හරහා ජපානය පිළිබඳ මූලික අවබෝධයක්‌ ලබාදීම හේතුකොටගෙන මෙහි ඇති වෙනස්‌ වූ ජීවන රටාවකට මට සාර්ථකව මුහුණදීමට හැකි විය. යෝග්‍ය සුව පහසු මෙන්ම භාෂා පාසලට යාබද ආරක්ෂිත නවාතැනක්‌ ජපානයට පැමිණීමට පෙරාතුවම ආයතනය හරහා සූදානම්‌ කර තිබීම මනා අස්වැසිල්ලක්‌ විය. භාෂා පාසලට පැමිණි ප්‍රථම දිනයේදීම ලියා පදිංචිය සනාථ කිරිම කිරීම්‌ හා බැංකු ගිණුමක්‌ ආරම්භ කිරීම වැනි වූ මූලික කටයුතු පාසලේ ගුරුභවතුන්ගේ මැදිහත්වීම්‌ හරහා පහසුවෙන්ම සම්පූර්ණ විය. එමෙන්ම කායෝ ආයතනය පොරොන්දු වූ පරිදිම පාසලට පැමිණි ප්‍රථම සතිය තුලදීම මගේ අර්ධකාලීන රැකියාවට මාව යොමු කෙරිණි. මෙකී වූ මූලික කරුණු ගැටලුවකින්‌ තොරව සපිරුණ හෙයින්‌ සාර්ථක ආරම්භයක්‌ සමගින්‌ මට ජපන්‌ ජීවිතයට පහසුවෙන්‌ ම හුරු වීමට හැකි විය. එමෙන්ම පාසල හරහා විවිධ වූ උත්සව, අධ්‍යාපන චාරිකා, විනෝද චාරිකා මෙන්ම ජපන්‌ ජීවන රටාවට විදේශ සිසුන්‌ හුරු කරවීම සඳහා විවිධ වූ සංස්කෘතික උත්සව කටයුතු වලටද සිසුන්‌ සහභාගී කරගනියි. දහසකුත් ජපන්‌ භාෂා පාසල්‌ අතරින්‌ මෙවැනි පාසලක්‌ ලැබීම මා ලද භාග්‍යයක්‌ සේ මා සලකමි. මෙම සටහන අවසානයේ දී ජපන්‌ භාෂාව ඉගැන්වීමේ සිට මේ දක්වා ලබා දෙන සහයෝගයට, ප්‍රධාන වශයෙන්ම කායෝ ජපන්‌ භාෂා ආයතන ප්‍රධානීතුමියට හා එහි සහයක කාර්ය මණ්ඩලයට මාගේ ගෞරව පූර්වක ස්තූතිය පුද කර සිටිමි.
W.L සසිරු සම්පත්‌.


Kaumudi
මා උසස්පෙළ සමත්‌ වී උසස්‌ අධ්‍යාපනය හැදෑරීමට "ජපානයට යාමේ අදිටනින්‌ "කායෝ ජපන්‌ භාෂා පාසලට” පැමිනෙන්නේ 2019 වසරේ දීය. පාසලට පැමිණි දා සිටම ජපානය පිලිබඳ අවශ්‍ය මූලික දැනුම ලබා දෙමින්‌, එහි අධ්‍යාපන අවස්ථා පිළිබඳ දැනුම ලබා දෙමින්‌ අපිව "දිරිමත්‌ කිරීමට කටයුතු කරනු ලැබුවා. එවන්‌ පසුබිමක වීසා අයදුමි කිරීමට ප්‍රථම NAT 5 හා NAT 4 යන විභාගයන්ට පෙනී සිටීමට පාසලෙන්‌ උපදෙස්‌ ලැබුණු අතර එයට අවශ්‍ය ඉගැන්වීම්‌ කටයුතු පාසල හරහාම ලබා දිම හේතුකොට ගෙන මට NAT 5 හා NAT 4, විභාගයන්‌ විශිෂ්ඨ ලෙස සමත්වීමට හැකියාව ලැබුණි.

ඉන්‌ අනතුරැව මා වීසා අයදුමි කල අතර මාගේ පාසලේ ප්‍රධානතුමිය ඇතුළු කාර්යමණ්ඩලය දැඩි වෙහෙසක්‌ දරමින්‌ නිසි මාර්ගෝපදේශයන්‌ ලබා දෙමින්‌ ඉතා ක්‍රමවත්ව වීසා ලියකියවිලි සකස්‌ කර "දිමේ ප්‍රතිඵලයක්‌ ලෙස අවසානයේ මා හට ජපානයේ අධ්‍යාපන වරම හිමි විය. "කායෝ ජපන්‌ භාෂා පාසලට” පැමිණී දා සිට මේ දක්වා අපත්‌ සමඟ රැදී සිටිමින්‌, අධෛර්යට පත්‌ වූ අවස්ථාවල දිරිමත්‌ කරමින්‌, ක්‍රමවත්ව පිලිවෙළට නිවැරදි මාර්ගෝපදේශයන්ට වීසා ලියකියවිලි සකස්‌ කර දෙමින්‌, නිරතුරැව ජපන්‌ ගමනට සියළුම අවශ්‍ය පහසුකම්‌ සලසා දෙමින්‌ කරනු ලබන මෙහෙවර ඉතා අගය කොට සලකමි. මෙවන්‌ පාසලක්‌ හරහා ජපන්‌ යාමට හැකි වීම මා හට අස්වැසිල්ලක්‌ ය. අවසාන වශයෙන්‌ ජපන්‌ භාෂාව ඉගැන්වීමේ සිට මේ දක්වාත්‌, ඉදිරියටත්‌ ලබා දෙන සහයෝගයට කායෝ පාසලේ ප්‍රධානතුමිය ඇතුළු එහි සහයක කාර්යමණ්ඩලයට මාගේ හද පිරි ස්තූතිය පුද කර සිටිමි.
කෞමදි

The future begins here

By joining kayo, you will be able to acquire the ability to increase your Japanese language proficiency, during which we will provide you with adequate counsel to inspire confidence to ensure a smooth transition from Sri Lanka to Japan.

Contact Us

Copyright (c) Kayo International(Private)Limited. All rights reserved.

Designed and Developed by